පළවෙනි පරිච්ඡේදය

1 ආරම්භයේ සිට පැවතුණ, අප විසින් අසා තිබුන, අපේ ඇස්වලින් දැක තිබුණ, අප විසින් බලා තිබෙන සහ අපගේ දෑත් වලින් ස්පර්ශ කළ, ජීවනයේ වචනය පිළිබඳවය. 2 තවද එම ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අප එය දැක තිබෙන අතර එයට සාක්ෂි දරන්නෙමු. පියාණන් සමඟ තිබුණාවූ, අපට ප්‍රකාශ කරන ලද ජීවනය, එනම් සදාකාල ජීවනය ඔබට ප්‍රකාශ කරන්නෙමු. 3 ඔබත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටු සහ ඇසු ඒ දේ නුඹලාටත් ප්‍රකාශ කරන්නෙමු. අපගේ පංගුකාරකම පියාණන් සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟය. 4 මේ දේවල් ඔබට ලියා එවන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය. 5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන, ඔබට දන්වන්නාවූ පණිවිඩය නම් මේය, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නොමැති බවයි. 6 අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි ගමන් කරන්නේනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරන්නෙමු. 7 නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, තවද උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ රුධිරය සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය. 8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටා ගන්නෙමු, සැබෑවද අප තුළ නැත. 9 අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසවන්තව සහ ධර්මිෂ්ඨව සිටිනසේක. 10 නමුත් අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරන අතර, උන්වහන්සේගේ වචනයද අප තුළ නැත.